තිසරගේ සුපිරි ප්‍රහාරය හා තීක්ෂණගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ කිංග්ස් පිලට දැවැන්ත ජයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගෙයන් විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 93කින් පරාජයට පත් වූයේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඉනිමක් පන්දුවාර 18කට සීමා කෙරුණා.

ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 207ක්.

ඉනිමේ පළමු පන්දුවෙන්ම රහ්මනුල්ලාහ් ගුර්බාස් දැවී ගිය අතර, අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි.

අනතුරුව ටොම් කොහ්ලර් කැඩ්මෝර් ලකුණු 40(21)ක් ද, ෂොයිබ් මලික් ලකුණූ 44(24)ක් ද, අශේන් බණ්ඩාර ලකුණූ 42(30)ක් ද ලබා ගනිමින් ජැෆ්නා ඉනිම ශක්තිමත් කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 23ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 57ක් නොදැවී රැස් කළේ මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව කරා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම රැගෙන යමින්.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී සීක්කුගේ ප්‍රසන්න ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලුවා.

දුෂ්මන්ත චමර, නවීන් උල් හක් හා අශාන් ප්‍රියන්ජන් ද කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 15.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 32ක්ව තිබියදී බිද වැටුණේ තරගය ජය ගැනීමේ සියලු බලාපොරොත්තු ස්ටාර්ස් කණ්ඩායමට අහිමි කරමින්.

යළි අසාර්ථක වූ කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී ගිය අතර, ටොම් බැන්ටන් ලකුණු 18යි.

ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 10ක් ලබා ගත් අතර, තික්ෂිල ද සිල්වා පළමු පන්දුවෙන්ම දැවී ගියා. නායක ධනංජය ද සිල්වා රැස් කළේ එක් ලකුණක් පමණයි.

අනතුරුව අශාන් ප්‍රියන්ජන් හා දිනේෂ් චන්දිමාල් 6 වැනි කඩුල්ල සදහා ලකුණු 64(41)ක සබදතාවයක් ගොඩ නැගුවා.

චන්දිමාල් ලකුණු 28කටත්, ප්‍රියන්ජන් ලකුණු 35කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත් අතර, වහබ් රියාස් ලකුණු 26කට කඩුලු 4ක් බිද හෙලුවා.

වනිදු හසරංග ද ලකුණු 17කට කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...