තිසර හා නවීන් අතර ඇති වූ ගැටුම මෙන්න

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, තරගාවලියේ 9 වැනි තරගයේ දී කලම්බු ස්ටාර්ස් කන්ඩායමට එරෙහිවයි.

තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා කෙරුණා.

ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 207ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 23ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 57ක් නොදැවී රැස් කළා.

ඒ, දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් සමගින්.

ඔහු සිය අර්ධ ශතකය වාර්තා කිරීම සදහා වැය කළේ පන්දු 20ක් පමණයි.

මෙම ඉනිම අතර වාරයේ දී ඔහු හා ස්ටාර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් අතර යම් උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වීම විශේෂත්වයක්.

නවීන් උල් හක් යොමු කළ පන්දුවකට පහරක් එල්ල කිරීමෙන් පසුව තිසර පෙරේරා දෙවන ලකුණ කරා දිව යාමට ගත් උත්සාහයේ දී නවීන් උල් හක් හා තිසර අතර ගැටීමක් සිදු වුණා. (දර්ශන පහතින්)

ඉන් අනතුරුවයි උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණේ.

තත්ත්වය පාලනය කිරීමට විනිසුරුවන්ට ද මැදිහත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...