රූට් – මලාන්ගේ 159*ක සබදතාවය හමුවේ එංගලන්තය යළි තරගයට අවතීර්ණ වෙයි

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද(10) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 220ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක ජෝ රූට් ලකුණු 86ක් ද, ඩාවිඩ් මලාන් නොදැවී ලකුණු 80ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 159ක්.

ආරම්භක පිතිකරුවන් වූ රෝරි බර්න්ස් ලකුණු 13කටත්, හසීබ් හමීඩ් ලකුණු 27කටත් දවා ගැනීමට පිළිවෙලින් පැට් කමින්ස් හා මිචෙල් ස්ටක් සමත් වුණා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 425ක් ලබා ගත්තා.

ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළ ට්‍රැවිස් හෙඩ් ලකුණු 152ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 94ක් රැස් කිරීමට සමත් වුණා.

මර්නස් ලබුෂේන් ලකුණු 74ක් හා මිචෙල් ස්ටක් ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් හා මාර්ක් වුඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණයි.

ඒ අනුව ඔවුන් මේ වන විට ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 58ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...