එක්දින තරගාවලියේ ජය තරග 3-2ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිලට

Date:

සංචාරක එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද(10) සමත් වුණා.

කෙසේ වෙතත්, කණ්ඩායම් දෙක අතර පැවැති පස්වැනි හා අවසන් තරගයෙන් ලකුණු 48ක ජයක් වාර්තා කළේ එංගලන්ත යොවුන් කණ්ඩායමයි.

කොළඹ එස්.සී.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

ඒ, ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 95දී බිද වැටුණු පසුබිමකයි.

විලියම් ලක්ස්ටන් ලකුණු 84ක් රැස් කළා.

පන්දු යැවීමේ දී විනුජ රන්පුල් ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 35.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.

සධීෂ රාජපක්ෂ ලකුණු 66යි.

පන්දු යැවීමේ දී ටොම් ප්‍රෙස්ට් ලකුණු 41කට කඩුලු 6ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...