අෆ්රිඩි සිය සමු ගැනීමේ තරගාවලිය සදහා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්වෙයි

Date:

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ශහිඩ් අෆ්රිඩි එළඹෙන පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

එළඹෙන පී.එස්.එල් තරග වාරය, අෆ්රිඩි එම තරගාවලිය ක්‍රීඩා කරන අවසන් අවස්ථාව බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අෆ්රිඩි පසුගිය තරග වාරයේ දී ක්‍රීඩා කළේ මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම සදහායි.

ඔහු පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරග වාරයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කළා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ද ලබා ගෙන ඇත්තේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනුයි.

මේ අතර, පසුගිය පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී සුල්ටාන්ස් කණ්ඩායම නියෝජනය කළ ජේම්ස් වින්ස් ද ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ ඉෆ්ටිකාර් අහ්මඩ් ද ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එක්ව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ අසාම් ඛාන් ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමට එක්ව තිබීම ද විශේෂත්වයක්.

2022 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු එළඹෙන 12 වනදා ලාහෝර් හී දී සිදු කිරීමට නියමිතයි.

එළඹෙන පී.එස්.එල් තරගාවලිය ජනවාරි 27 වනදා සිට පෙබරවාරි 27 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...