LPL සංවිධායකයින් අවසානයේ ගාලු කණ්ඩායමට සාධාරණය ඉටු කරයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදන කිහිපයක් සිදු කර තිබෙනවා.

මූලික වටයේ තරග දෙකක දින වෙනස් කිරීමක් හා අවසන් වටයේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කිරීමටයි එල්.පී.එල් සංවිධායකයින් තීරණය කර ඇත්තේ.

මීට පෙර නිකුත් කළ තරග කාලසටහනට අනුව එළඹෙන 13 වනදා පැවැත්වීමට නියමිතව තිබුණේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර තරගයයි.

එළඹෙන 14 වනදා කැන්ඩි වොරියර්ස් හා කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතරත්, දඹුල්ල ජයන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරත් තරග පැවැත්වීමට නියමිතව තිබුණා.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය නව කාලසටහනට අනුව පැවැත්වෙන්නේ එළඹෙන 13 වනදායි.

13 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර තරගය නව කාලසටහනට අනුව එළඹෙන 14 වනදා පැවැත්වෙනු ඇති.

මෙම සංශෝදනයට හේතුව ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැතත්, පෙර පැවැති කාලසටහනට අනුව ගාලු කණ්ඩායමට අඛණ්ඩව දින 4ක් තුළ තරග 4ක් ක්‍රීඩා කිරීමට සිදුව තිබීම හේතුවෙන් අදාළ සංශෝදනය සිදු කර ඇති බවයි දක්නට ලැබෙන්නේ.

පෙර තරග කාලසටහන අනුව ගාලු කණ්ඩායමට 10, 11, 12 හා 13 යන දිනවලදී තරග යෙදී තිබුණා.

නව කාලසටහනට අනුව ඔවුන්ට එම තරග යෙදි ඇත්තේ 10, 11, 12 හා 14 යන දිනවලයි.

මේ අතර, තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන දිනවලද යම් සංශෝදනයක් සිදු කර තිබෙනවා.

මීට පෙර පැවැති තරග කාලසටහනට අනුව ලබන 17 වැනිදා මූලික වටයේ තරග අවසන් වීමෙන් පසුව ලබන 18 වනදා ක්‍රීඩකයින් හම්බන්තොට බලා පිටත්ව යාමට නියමිතව තිබූ අතර, ලබන 19 වැනිදා විවේක දිනයක් ලෙසයි නම් කර තිබුණේ.

කෙසේ වෙතත්, ලබන 19 වැනිදා පැවැති විවේක දිනය අවලංගු කිරීමට නව කාලසටහන ඔස්සේ කටයුතු කර ඇති අතර, අවසන් වටයේ පළමු තරග දෙක, එනම් eliminator හා qualifier 1 එදින පැවැත්වීමට නියමිතයි.

මීට පෙර එම තරග දෙක ලබන 20 වැනිදා පැවැත්වීමටයි තීරණය කර තිබුණේ.

නව කාලසටහනට අනුව 20 වැනිදා විවේක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් qualifier 2 සුපුරුදු පරිදි ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...