රංගන හේරත් වසර දෙකකට විදෙස් කණ්ඩායමක් සමග එක්වෙයි

Date:

එළඹෙන නවසීලන්ත ටෙස්ට් තරග සංචාරය සදහා බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු පුහුණු උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් එක්වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් පවසනවා.

ඔහු වසර දෙකක කාලයක් සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු උපදේශක ලෙස ගිවිසුම් ගතවීමට එකග වී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර රංගන හේරත් බංග්ලාදේශ කණ්ඩායමේ දග පන්දු උපදේශක ලෙස තරගාවලි කිහිපයකදී ම කටයුතු කළ අතර, ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව අවසන් වුණා.

ඒ අනුව පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සදහා රංගන හේරත් එක් වූයේ නැහැ.

නවසීලන්ත තරග සංචාරයේ දී බංග්ලාදේශය හා නවසීලන්තය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ජනවාරි පළමු වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ලෝක ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම වමත් දග පන්දු යවන්නා වන රංගන හේරත් ටෙස්ට් පිටියේ දී බිද හෙලා ඇති කඩුලු ගණන 433ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...