ට්‍රැවිස් හෙඩ්ගේ සුපිරි ශතකයක් ; ඔස්ට්‍රේලියාව 196ක් ඉදිරියෙන්

Date:

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(9) නිමා වුණේ තවදුරටත් තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව වෙතම හිමි කර දෙමින්.

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්ෙවන තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නියමිත කාලයට පෙර නිමා කෙරුණු අතර, ඒ වන විට එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගෙන තිබුණේ ලකුණු 147ක් පමණයි.

ඒ අනුව අද දිනය ආරම්භයේ දී සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව ට්‍රැවිස් හෙඩ් නොදැවී වාර්තා කළ සුපිරි ශතකයෙන් සවිමත් වෙමින් දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 343ක්.

ට්‍රැවිස් හෙඩ් පන්දු 85කින් සිය ශතකය වාර්තා කිරීම කැපී පෙනුණා. ඔහු දිනය නිමා වන විට නොදැවී ලකුණු 112ක් ලබා සිටියේ හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින්.

ඩේවිඩ් වෝනර් අවාසනාවන්ත ලෙස ලකුණු 94කට දැවී ගියා.(6×2, 4×11)

මර්නස් ලබුෂේන් ලකුණු 74ක් රැස් කළා.(6×2, 4×6) වෝනර් හා ලබුෂේන් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 156ක්.

ඩේවිඩ් වෝනර් ලකුණු 17ක් ලබා සිටියදී දැවී ගිය නමුත්, බෙන් ස්ටොක්ස් යොමු කළ එම පන්දුව නිපන්දුවක් වීම නිසා ඔහුට තවදුරටත් පිටියේ රැදී සිටීමේ අවස්ථාව උදා වුණා.

ස්ටොක්ස් මෙම තරගයේ යොමු කළ පළමු පන්දුවාර 5 න් පන්දු 14ක්ම නිපන්දු බව අනාවරණය වූ නමුත්, විනිසුරු විසින් ඉන් නිපන්දු ලෙස සංඥා කළේ පන්දු දෙකක් පමණයි.

ඔලී රොබින්සන්ගේ පන්දුවක් හමුවේ වෝනර් දැවී ගිය අතර, අනතුරුව යොමු කළ පළමු පන්දුවෙන්ම කැමරන් ග්‍රීන් දැවී ගියේ පන්දුව නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයක දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස මර්කස් හැරිස් ලකුණු 3කට දවා ගැනීමට ද ඔලී රොබින්සන් සමත් වුණා.

ස්ටීවන් ස්මිත් ලකුණු 12කට දැවී ගියා. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇලෙක්ස් කෙරී හා නායක පැට් කමින්ස් ද ලකුණු 12 බැගින් ලබා සිටියදීයි දැවී ගියේ.

පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් ලකුණු 48කට කඩුලු 3ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්, ජැක් ලීච් හා ජෝ රූට් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 196ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...