එංගලන්ත පිතිකරුවන් දෙදෙනෙක් කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ආදේශ කෙරේ

Date:

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම විසින් සිය සංචිතයට ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ, ඔවුන්ගේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන්.

ප්‍රහාරාත්මක පිතිකරු රොව්මන් පවෙල්ට හා ඩෙවෝන් තෝමස්ට මෙලෙස මහනුවර කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වුණා.

ඔවුන් දෙදෙනා පාකිස්තාන තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කැදවීම හේතුවෙනුයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට රොව්මන් පවෙල්ට හා ඩෙවෝන් තෝමස්ට සිදු වුණේ.

ඒ අනුව රොව්මන් වෙනුවට කැන්ඩි වොරියර්ස් පිලට එංගලන්තයේ රවී බොපාරා ආදේශ කර තිබෙනවා.

ඩෙවෝන් තෝමස් වෙනුවට එංගලන්තයේ ටොම් මුවර්ස් ආදේශ කිරීමටයි වොරියර්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...