ඉන්දීය එක්දින නායකත්වයත් රෝහිට් ෂර්මාට ; දකුණු අප්‍රිකාවට එරෙහි සංචිතයත් නම් කෙරේ

Date:

ඉන්දීය එක්දින හා 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස රෝහිට් ෂර්මා පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් විරාට් කෝලි කටයුතු කරන අතර, ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස ද රෝහිට් ෂර්මා පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

රෝහිට් විසින් නවසීලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී ද ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා.

ඒ, 20යි 20 ලෝක කුසලානයෙන් අනතුරුව 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාට් කෝලි ගත් තීරණය හේතුවෙන්.

කෙසේ වෙතත්, තවදුරටත් එක්දින කණ්ඩායමේ නායකත්වය දැරීමට විරාට් කෝලි සූදානමින් පසුවුණා.

මේ අතර, එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන ඉන්දීය ටෙස්ට් සංචිතය ද ප්‍රකාශයට පත් කෙරුණා.

ආබාධ හේතුවෙන් රවීන්ද්‍ර ජඩේජා හා අක්සාර් පටෙල් මෙම සංචාරයට නම් කර නැහැ.

India Test squad for SA:

Virat Kohli (C), Rohit Sharma (vc), KL Rahul, Mayank Agarwal, Cheteshwar Pujara, Ajinkya Rahane, Shreyas Iyer, Hanuma Vihari, Rishabh Pant (wk), Wriddhiman Saha (wk), R Ashwin, Jayant Yadav, Ishant Sharma, Mohammed Shami, Umesh Yadav, Jasprit Bumrah, Shardul Thakur, Mohammed. Siraj.

Standby players – Navdeep Saini, Saurabh Kumar, Deepak Chahar, Arzan Nagwaswalla

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...