පාකිස්තානයේ අනපේක්ෂිත ජයග්‍රහනයෙන් පසු ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

බංග්ලාදේශය සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම ඊයේ(8) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානය ඉනිමක හා ලකුණු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙම ජයග්‍රහනයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ද පාකිස්තානය සමත් වුණා.

ඩකා නුවර පැවැති මෙම තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, සිව්වැනි දිනය ආරම්භ වන විටත් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තානය කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 188ක් පමණයි.

පාකිස්තාන පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 300ක් ලබා සිටියදී අත්හිටුවීමට නායක බබාර් අසාම් තීරණය කළා.

ඒ වන විටත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනු ඇති බවට බොහා් දෙනෙකු අනුමාන කළ ද පාකිස්තාන පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශයට අමිහිරි පරාජයක් මෙම තරගයෙන් හිමි වුණා.

බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 87කට සීමා වූ අතර, අනතුරුව පාකිස්තානයේ ආරාධනයෙන් අඛණ්ඩව දෙවැනි ඉනිම ද ක්‍රීඩා කළ බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 205ක් පමණයි.

https://twitter.com/Zohaibofficialh/status/1468540331570388996

පන්දු යැවීමේ දී සජිඩ් ඛාන් පළමු ඉනිමේ දී කඩුලු 8ක් ද, දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් ද දවා ගැනීම කැපී පෙනුණා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...