අවිශ්ක හා තිසරගෙන් පන්දු 33කින් ලකුණු 105ක් ; සම්පත්ට එල්ල කළ අවිශ්කගේ හයේ 5 මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී හයේ පහර වරුසාවක අත්දැකීම ලබා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අද(8) අවස්ථාව උදා වුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා මෙම හයේ පහර සංදර්ශනය ප්‍රේක්ෂකයින්ට තිළිණ කළේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ වොරියර්ස් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ඉනිමට තෙවැනි පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

අනතුරුව තරගය තාවකාලිකව නතර කිරීමට සිදු වූ අතර, පසුව එක් ඉනිමක් පන්දුවාර 14කට සීමා කරමින් තරගය යළි ආරම්භ වුණා.

ජැෆ්නා කිංග්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා පන්දු 33කින් ගොඩ නැගූ සබදතාවය ලකුණු 105ක්.

අවිශ්ක පන්දු 23කින් ලකුණු 53ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් ඇතුළත් වූ අතර, තිලකරන්න සම්පත් යොමු කළ පන්දුවාරයකට හයේ පහර 5ක් අඛණ්ඩව එල්ල කිරීමට ද අවිශ්ක සමත් වීම කැපී පෙනුණා.(දර්ශන පහතින්)

තිසර පන්දු 21කින් ලකුණු 53ක් රැස් කළා. හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත්.

නියමිත පන්දුවාර 14 අවසානයේ දී කිංග්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...