කොළඹ පරදා දඹුල්ලට ලකුණු 18ක ජයක්

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

පිල් සෝල්ට් පන්දු 34කින් ලකුණු 62ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමගින්.

නජිබුල්ලාහ් සඩ්රාන් පන්දු 40කින් ලකුණු 54ක් ලබා ගත්තා.

දසුන් ශානක ලකුණු 38(25)යි.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 177ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 26ක් ද, ටොම් බැන්ටන් ලකුණු 23ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 3ක් දවා ගත් අතර, චාමික කරුණාරත්න, තරිදු රත්නායක හා ඉම්රාන් තහීර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...