ගප්ටිල්, අම්ලා ඇතුලු විදෙස් ක්‍රීඩකයන් 143 ක් LPL සදහා කැමැත්තෙන්

Date:

මෙවර පළමු වරට සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට විදෙස් ක්‍රීඩකයින් 143 දෙනෙකු කැමැත්ත පල කර ඇති බව වාර්තා වනවා.

Daily News පුවත්පත වාර්තා කර ඇත්තේ ඒ අතරට මාර්ටින් ගප්ටිල්, ඉර්ෆාන් පතාන්, හෂීම් අම්ලා සහ වර්නන් ෆිලැන්ඩර් ද වන බවයි.

ඊට අමතරව එල්.පී.එල් තරගාවලිය සදහා මෙරට සෑම ක්‍රීඩා සමාජයකින්ම ක්‍රීඩකයින් දෙදෙනා බැගින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බව සදහන්.

ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් 80 දෙනා ද මෙම තරගාවලියේ අවසන් සංචිත සදහා එක්වීම වෙනුවෙන් දැඩි තරගයක් ලබා දෙනු ඇති.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අවසරය පසුගිය 27 වනදා හිමිවුණේ.

තරගාවලිය සදහා තරග 23ක් ඇතුළත්.

තරගාවලියේ සියලු තරග ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, පල්ලේකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් එක්වන බවත්, එම කණ්ඩායම් කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...