මුරලි යැවූ සියවසේ පිට දග පන්දුව

Date:

ලෝක ක්‍රිකට් ඉතිහාසයේම විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස මුරලි හැදින්වීමේ වරදක් නැහැ.

වසර 140කට වැඩි ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම දග පන්දු යවන්නන් කවුරුන්දැයි කෙනෙකුගෙන් විමසුවහොත් මුරලි මෙන්ම ඔස්ට්‍රේලියාවේ ශේන් වෝර්න්ගේ නම ද කියනු නිසැකය.

ඇතැම්විට ලෝක ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම දග පන්දු යවන්නන් දෙදෙනා ඔවුන් විය හැක.

එම ක්‍රීඩකයින් දෙදෙනාම එකම කාලවකවානුක ක්‍රීඩා කිරීම ද සැබවින්ම අරුමයකි.

අද අප මෙම සටහන තැබුවේ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ මුරලි දවා ගත් කඩුල්ලක් පිළිබද තොරතුරු ගෙන ඒමටයි.

ශේන් වෝර්න් යැවූ සියවසේ පාදග පන්දුව ඔබ දැක ඇතැයි අප සිතමු.(එහි වීඩියෝ දර්ශන ද මෙම සටහන පහතින් ඇත)

කෙසේ වෙතත්, සියවසේ පිට දග පන්දුව ලෙස ඇතැමුන් හදුන්වන පන්දුව ඔබ දැක තිබේද?

එය යවන ලද්දේ අපේ මුරලි විසින්.

තරගය 2001 වසරේ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයක්.

එහිදී වමත් පිතිකරු සදගෝප්පාන් රමේෂ් මවිතයට පත් කරමින් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට මුරලිගේ සුපිරි දග පන්දුව සමත් වනවා.

සැබවින්ම එය සියවසේ පිට දග පන්දුව දැයි ඔබම නරඹා තීරණය කරන්න.

වීඩියෝ දර්ශන පහතින් –


Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...