තීක්ෂණගේ කඩුලු 3 හමුවේ දඹුල්ල අසරණ වූ හැටි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(7) පස්වරුවේ ආරම්භ වුණේ ජැෆ්නා කිංග්ස් හා දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගයේ දී සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 110ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 23ක් රැස් කළා. චාමික කරුණාරත්න ලකුණු 18යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ඊයේ පැවැති තරගයේ දී සුපිරි පිතිහරඹයක නිරත වූ ජයින්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පිල් සෝල්ට්, නායක දසුන් ශානක හා නජිබුල්ලාහ් සඩ්රාන් යන පිතිකරුවන්. (දර්ශන පහතින්)

වනිදු හසරංග ද ලකුණු 16කට කඩුලු 3ක් බිද හෙලුවා. සුරංග ලක්මාල් කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...