තීක්ෂණ, වනිදු හා කැඩ්මෝර් ජැෆ්නා කිංග්ස් පිලට පළමු ජය හිමි කර දෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දි ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 110ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවනිදු ප්‍රනාන්දු ලකුණු 23ක් රැස් කළා. චාමික කරුණාරත්න ලකුණු 18යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.

වනිදු හසරංග ලකුණු 16කට කඩුලු 3ක් බිද හෙලූ අතර, සුරංග ලක්මාල් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංස්ග් කණ්ඩායම පන්දුවාර 12.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27කින් ලකුණු 33ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහරක් සමගින්.

රහ්මනුල්ලාහ් ගුර්බාස් රැස් කළේ ලකුණු 3ක් පමණයි.

ටොම් කොහ්ලර් කැඩ්මෝර් පන්දු 30කින් නොදැවී ලකුණු 45ක් ලබා ගත් අතර, ෂොයිබ් මලික් පන්දු 10කින් ලකුණු 26ක් නොදැවී රැස් කළා.

මලික්ගේ ඉනිමට හයේ පහර 3ක් ඇතුළත් වූ අතර, කැඩ්මෝර්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ඉම්රාන් තහීර් හා නුවන් ප්‍රදීප් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...