“සැලසුම් කළ පරිදි ටෙස්ට් ශූරතාවලිය ක්‍රියාත්මකයි” – ICC

Date:

මේ වන විට ක්‍රියාත්මක ලෝක ටෙස්ට් ශූරතාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

2021 වසරේ මාර්තු වන විට ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ ඊට එක්ව සිටින කණ්ඩායම් 9 තරගාවලි 6 බැගින් ක්‍රීඩා කිරීමෙන් පසුවයි.

අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන රටවල් ද්විත්වය අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, කොරොනා වසංගතය හේතුවෙනුයි මේ වන විට පළමු වරට සංවිධාන කළ ලෝක ටෙස්ට් ශූරතාවලිය අර්බුදයකට ලක්ව ඇත්තේ.

ඒ, මේ වන විටත් එහි තරගාවලි 6ක් කල් දැමීමට සිදුව ඇති පසුබිම තුළයි.

ශ්‍රී ලංකා – එංගලන්ත, පාකිස්තාන – බංග්ලාදේශ(එක් තරගයක් පමණක්), බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා, බටහිර ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා, ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහ බංග්ලාදේශ – නවසීලන්ත තරගාවලි මෙලෙස කල් දැමුණා.

“අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නේ ක්‍රිකට් ආයතන සමග කල් දැමීමට සිදු වූ තරගාවලි යළි පවත්වන්නේ කොහොමද කියන කාරණය ගැන”

යනුවෙන් අයි.සී.සී සාමාන්‍යාධිකාරී – ක්‍රිකට් මෙහෙයුම් Geoff Allardice සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...