එංගලන්තයට කඩුලු 6ක ජයක් – Match Report

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 44.4කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 172ක් පමණයි.

Curtis Campher නොදැවී ලකුණු 59යි.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 28ක්ව තිබියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී කඩුලු 5ක් බිද හෙලුවේ ලකුණු 30ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 27.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සෑම් බිලින්ග්ස් නොදැවී ලකුණු 67යි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට(1) සවුත්හැම්ටන්හීදීම පැවැත්වීමට නියමිතයි.

මෙය ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගාවලිය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...