LPL පළමු තරගයෙන් හිටපු ශූරයින් පරදා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කරමින් අද(5) පැවැති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 54කින් පරාජයට පත් වූයේ පසුගියවර එල්.පී.එල් ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කරමින්.

තරග තහනමකට ලක්වීමෙන් අනතුරුව යළි දේශීය තරග පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ගාලු ඉනිම ආරම්භ කළා.

ඔවුන් දෙදෙනාගේ සබදතාවය ලකුණු 8කට සීමා වුණේ ධනුෂ්ක ලකුණු 8කට දවා ගැනීමට පළමු පන්දුවාරයේ දී ම සුරංග ලක්මාල් සමත් වීමත් සමගයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියා. මොහොමඩ් හෆීස් ලකුණු 15ක් ලබා ගත් අතර, බෙන් ඩන්ක් රැස් කළේ ලකුණු 17ක් පමණයි.

කෙසේ වෙතත්, සිය කණ්ඩායම ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට නායක භානුක රාජපක්ෂ අවශ්‍ය පසුබිම සකසා දුන්නේ මෙවර තරග වාරයේ පළමු අර්ධ ශතකය ද සිය පිත්තෙන් වාර්තා කරමින්.

ඔහු පන්දු 31කින් ලකුණු 56ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්.

Bhanuka Rajapaksa © SLC

සමිත් පටෙල් පන්දු 31කින් ලකුණු 42ක් රැස් කළා. හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 18.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 110ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග ලකුණු 17කටත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 11කටත් දැවී ගියා. ටොම් කොහ්ලර් කැඩ්මෝර් රැස් කළේ ලකුණු 10ක් පමණයි.

Jayden Seales © SLC

අවසන් ජාත්‍යන්තර 20යි 20 ඉනිම් කිහිපයේ දී ම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම ඉනිමේ දී ද දෙවැනි පන්දුවෙන්ම දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීයි.

නායක තිසර පෙරේරා ලකුණු 11ක් හා සම්මු අශාන් ලකුණු 15ක් ලබා ගත්තා. වනිදු හසරංග ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වහබ් රියාස් ලකුණු 27යි. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින්.

පන්දු යැවීමේ දී මොහොමඩ් හෆීස් පන්දුවාර 4 යවා නිම කළේ ලකුණු 11ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගනිමින්.

සමිත් පටෙල් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලූ අතර, පුලින තරංග ද ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...