කවාජා ඉවතට ; ට්‍රැවිස් හෙඩ් පළමු ටෙස්ට් තරගයට

Date:

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ට්‍රැවිස් හෙඩ් කණ්ඩායමේ අංක 5 පිතිකරු ලෙස පන්දුවට පහර දීමට නියමිතයි.

උස්මාන් කවාජාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති අතර, කඩුලු රකින පිතිකරුවා ලෙස ඇලෙක්ස් කෙරී කටයුතු කරනු ඇති.

මිචෙල් ස්ටක් ද වේග පන්දු බලඇණිය ශක්තිමත් කරමින් කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගෙන තිබෙනවා.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග වදින පළමු තරගය වන්නේ ද අලුබදුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගයයි.

එම තරගය ලබන 8 වැනිදා බ්‍රිස්බේන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Australia XI:

David Warner, Marcus Harris, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey, Pat Cummins, Mitchell Starc, Nathan Lyon, Josh Hazlewood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...