පොලාඩ්ට පාකිස්තාන සංචාරය අහිමි වෙයි ; නායකයින් දෙදෙනෙකුත් පත් කෙරේ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ්ට එළඹෙන පාකිස්තාන තරග සංචාරයට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් පාදයක ආබාධ තත්ත්වය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

ඒ අනුව පොලාඩ් වෙනුවට කොදෙව් එක්දින කණ්ඩායම ෂායි හෝප් විසින් ද, 20යි 20 කණ්ඩායම නිකලස් පූරාන් විසින් ද පාකිස්තානයේ දී මෙහෙය වීමට නියමිතයි.

පොලාඩ් වෙනුවට එක්දින සංචිතයට කැදවා ඇත්තේ ඩෙවෝන් තෝමස්.

20යි 20 සංචිතයට රොව්මන් පවෙල් ආදේශ කර තිබෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත අතර, සියලු තරග කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය දෙසැම්බර් 13, 14 හා 16 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරගාවලිය දෙසැම්බර් 18, 20 හා 22 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

Also Read : පාකිස්තාන සංචාරයට කොදෙව් ප්‍රබලයින් රැසක් නැහැ

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...