LPL අදින් ඇරඹෙයි ; ප්‍රවේශ පත්‍ර අලෙවි කරන ක්‍රියාවලියේත් වෙනසක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද(5) ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතරයි.

එම තරගයට පෙර තරගාවලියේ සමාරම්භක උත්සවය පස්වරු 6 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරගාවලිය අද සිට ලබන 23 වනදා දක්වා පැවැත්වෙන අතර, තරග 20කින් යුත් පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ දී අවසන් පූර්ව තරග දෙකක් නොපැවැත්වෙන අතර, අවසන් වටයේ තරග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙන් තරග 4කින් යුක්ත වනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් වටයේ පළමු තරගය හෙවත් qualifier 1 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වන ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් eliminator තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් qualifier 2 තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායමයි.

qualifier 2 තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.

අවසන් තරගය දෙසැම්බර් 23 වනදා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සදහා අතිරේක දිනයක් ලෙස දෙසැම්බර් 24 වනදා ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර, මෙවර තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කරනු ලබන ක්‍රමවේදයේ සංශෝදනයක් සිදු කර තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා අතර කාලය තුළ දී ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි.

එමෙන්ම Bookmyshow.com හා Daraz.lk යන වෙබ් අඩවි ඔස්සේ ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

නමුත් ක්‍රිකට් ආයතනය මේ වන විට නිවේදනය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් හා අන්තර්ජාලයෙන් පමණක් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.

අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ප්‍රවේශ පත්‍ර පමණක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රවේශ පත්‍ර කවුළු තුළින් ලබා ගත හැකියි.

ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 1000, 2000, 3000 හා 5000 යන වටිනාකම් යටතේ අලෙවි කරනු ඇති.

මෙවර තරගාවලියේ දී තරග නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ තරග පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගනවලට ඇතුළු කර ගත හැකි සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසකට පමණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් කොරෝනා වෛරසයට (කොවිඩ් 19) එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය විය යුතු අතර, අවම වශයෙන් ක්‍රීඩාංගනයට පිවිසෙන දිනයට සති දෙකකට පෙර දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගෙන තිබීම අනිවාර්යය බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...