T10 පිටියේ ප්‍රවේගකාරී පිතිකරුවා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

Date:

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් තවත් විදෙස් ක්‍රීඩකයෙකු සමග ගිවිසුම් ගතව තිබෙනවා.

අද පස්වරුවේ ආරම්භ වන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඔවුන් මෙලෙස ගිවිසුම් ගතව ඇත්තේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන එංගලන්තයේ ටොම් කොහ්ලර් කැඩ්මෝර් සමගයි.

ඊයේ(4) නිමා වූ අබුඩාබි T10 තරඟාවලියේ දී පිතිකරණයෙන් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට 27 හැවිරිදි ඔහු සමත් වුණා.

පන්දු 39කදී ලකුණු 96ක් වාර්තා කරමින් T10 ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද තමන් සතු කර ගැනීමට ඔහු මෙවර තරගාවලියේ දී සමත් වීම විශේෂත්වයක්.

අවසන් මහා තරඟයේ දී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ටොම් කොහ්ලර් කැඩ්මෝර් පන්දු 28 කින් නොදැවී ලකුණු 59ක් රැස් කළා.

මේ අතර, අබුඩාබි T10 ලීග් තරගාවලියට එක්ව සිටි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත වනිදු හසරංග හා වහබ් රියාස් ද අද දිනයේ දී දිවයිනට පැමිණියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...