LPL ගැන ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ක්‍රමවේදයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(4) නිවේදනය කළා.

ඒ අනුව හෙට සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා අතර කාලය තුළ දී ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම Bookmyshow.com හා Daraz.lk යන වෙබ් අඩවි ඔස්සේ ද ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි අතර, එලෙස මිලදී ගන්නා ප්‍රවේශ පත්‍ර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් හා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් ලබා ගත හැකියි.

ප්‍රවේශ පත්‍ර රුපියල් 300, 1000, 2000, 3000 හා 5000 යන වටිනාකම් යටතේ අලෙවි කරනු ඇති.

මෙවර තරගාවලියේ දී තරග නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ තරග පැවැත්වෙන කොළඹ ආර්. ප්‍රේමදාස හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගනවලට ඇතුළු කර ගත හැකි සමස්ත ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසකට පමණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් කොරෝනා වෛරසයට (කොවිඩ් 19) එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය විය යුතු අතර, අවම වශයෙන් ක්‍රීඩාංගනයට පිවිසෙන දිනයට සති දෙකකට පෙර දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගෙන තිබීම අනිවාර්යය බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

මේ අතර, හෙට (5) පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය නැරඹීම වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා ප්‍රේක්ෂකයින්ට පස්වරු 4 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පිවිසීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ, පස්වරු 6ට විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් ද ආරම්භ වීමට නියමිතව ඇති බැවින්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය හෙට රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ ජැෆ්නා කිංග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...