ධනංජය හා ලසිත්ගෙන් තවත් වාර්තාවක් ; කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ධනංජය ද සිල්වා හා ලසිත් ඇඹුල්දෙණිය අද(3) තවත් වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

ඒ, ටෙස්ට් ඉනිමක ශ්‍රී ලංකාව වෙනුවෙන් 9 වැනි කඩුල්ල සදහා වාර්තා වූ හොදම සබදතාවයේ වාර්තාව තම නම් ඉදිරියේ සටහන් කර ගනිමින්.

ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී යි ඔවුන් දෙදෙනා එම වාර්තාව පිහිටුවනු ලැබුවේ.

ලසිත් හා ධනංජය අතර 9 වැනි කඩුල්ල සදහා පන්දු 225කින් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 124ක්.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් 9 වැනි කඩුල්ල සදහා හොදම සබදතාවය ගොඩ නගා තිබුණේ තිලාන් සමරවීර හා අජන්ත මෙන්ඩිස් විසිනුයි.

2010 වසරේ දී ඉන්දියාවට එරෙහිව ඔවුන් දෙදෙනා ලකුණු 118ක සබතාවයක් පිහිටුවමින් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබා සිටියා.

ඇඹුල්දෙණිය ලකුණු 39කට දැවී යාමත් සමග දෙවැනි ඉනිම අත්හිටුවීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9කට සටහන්ව තිබුණේ ලකුණු 345ක් ලෙසයි.

ධනංජය නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 155ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා කොදෙව් කණ්ඩායම ලකුණු 297ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...