සිව් දෙනෙකුට දෙවැනි ටෙස්ට් තරගය අහිම් වෙයි

Date:

නවසීලන්තය සමග අද ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකුට අහිමි වී තිබෙනවා.

ඒ, එම ක්‍රීඩකයින් ආබාධයන්ට ලක් වීම හේතුවෙන්.

රවීන්ද්‍ර ජඩේජා, ඉෂාන්ට් ෂර්මා හා අජින්කෙයා රහානේ යන ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්ව ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් තිදෙනාම ආබාධවලට ලක්ව ඇත්තේ දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර දී යි.

මේ අතර, නවසීලන්ත නායක කේන් විලියම්සන්ට ද දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වම් වැලමිටෙහි ආබාධ තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුට අද තරගය අහිමි වී ඇති බව සදහන්.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්ත කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ටොම් ලේතම්ට හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...