මැතිව්ස් ගැන දිමුත්ගෙන් සුබ ආරංචියක්

Date:

මේ වන විට ආබාධයකට ලක්ව සිටිය ද ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් තමාට සදහන් කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී පිතිකරණයේ නිරත වෙමින් සිටියදීයි ඇන්ජෙලෝ මැතිව්ස් පාදයක ආබාධයකට ලක් වුණේ.

කෙසේ වෙතත්, ඔහු අද දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අංක 9 පිතිකරු ලෙස පිතිකරණයේ නිරත වුණා.

ඔහුගේ ඉනිම පන්දු 5කට පමණක් සීමා වූ අතර, රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණයි.

අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී දිමුත් අවධාරණය කළේ මැතිව්ස්ගේ ආබාධය කෙටි කාලයකින් සුව වනු ඇති බවට විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත්, ඔහුගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් තමා සම්පූර්ණයෙන් දැනුවත්ව නොමැති බව ද ඔහු කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...