ධනංජයගේ සුපිරි ශතකය හා ලසිත්ගේ සටන හේතුවෙන් දෙවැනි තරගයේ පාලනය ශ්‍රී ලංකාවට

Date:

ධනංජය ද සිල්වා වාර්තා කළ සුපිරි ශතකය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට තරගයේ පාලනය සම්පූර්ණයෙන් තමන් යටතට පත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(2) සමත් වුණා.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 328ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ධනංජය ද සිල්වා සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 153ක් හා ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 25ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔවුන් දෙදෙනා අතර 9 වැනි කඩුල්ලට මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 107ක්.

එය කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයක ඉනිමක 9 වැනි කඩුල්ල සදහා වාර්තා වූ හොදම සබදතාවයයි.

එමෙන්ම ගාලු ක්‍රීඩාංගනයේ දී 9 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොදම සබදතාවය ලෙස ද එය වාර්තා අතරට එක්ව තිබෙනවා.

දිනයේ පළමු කඩුල්ල ලෙස චරිත් අසලංක ලකුණු 19කට දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 66ක් රැස් කළා.

ආබාධයකට ලක්ව සිටින ඇන්ජෙලෝ මැතිව්ස් අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසිය ද ඔහු ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී වීරසැමී පර්මුවෙල් කඩුලු 3ක් හා රොස්ටන් චේස් කඩුලු 2ක් බිද හෙලුවා.

දිනය නිමා වන විට කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වූ ලකුණු සංඛ්‍යාව 279ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 253ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...