මැතිව්ස්ගෙන් සිය ළමා ප්‍රේක්ෂකයාට ආරාධනයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ තරගය නැරඹීමට පැමිණි කුඩා ළමයෙකු ප්‍රදර්ශනය කළ පුවරුවක් වෙතයි.

එහි සදහන්ව තිබුණේ තමා තරගය නැරඹීමට පැමිණියේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස්ව දැක බලා ගැනීමේ අරමුණින් බවයි.

මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ද අවධානය අද පස්වරුවේ යොමුව තිබෙණු දක්නට ලැබුණා.

ඒ අනුව එම කුඩා ළමයාට පෙරළා ප්‍රතිචාර දැක් වීමට ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.

අදාළ සටහන තුළින් මැතිව්ස් විසින් එම ළමයාට හෙට දිනයේ දී ද තරගය නැරඹීමට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබූ අතර, එහිදී ඔහුව මුණ ගැසීමට ද තමා සූදානම් බවයි ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...