IPL කණ්ඩායම් විසින් ඉවත් කළ ප්‍රධාන ක්‍රීඩකයින් 30 දෙනා

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් සියලු කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින්ගේ නම් පසුගිය 30 වැනිදා නිවේදනය කළ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමට මෙවර අවස්ථාව ලබා දී තිබූ අතර, ඒ අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද රදවා ගැනීමේ හැකියාව කණ්ඩායම් වෙත හිමිව තිබුණා.

ඒ අනුව ක්‍රීඩකයින් 27 දෙනෙකු සිය කණ්ඩායම්වල රදවා ගැනීමටයි කණ්ඩායම් 8 විසින් පියවර ගත්තේ.

IPL තරගාවලිය සදහා ලබන වසරේ සිට ලක්නව් හා අහ්මදාබාද් යන නගර කේන්ද්‍ර කර ගනිමින් නව කණ්ඩායම් දෙකක් ද එක්වන අතර, එම කණ්ඩායම් දෙක සදහා ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් මිලදී ගැනීමේ අවස්ථාව ඉදිරියේ දී (වෙන්දේසියට පෙර) හිමි වනු ඇති.

සෙසු සියලු ක්‍රීඩකයින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගැනීමටයි සියලු කණ්ඩායම්වලට සිදු වන්නේ.

පසුගියදා ඒ ඒ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම්වල රදවා ගත් ක්‍රීඩකයින් අතරට ඇතුළත් නොවූ ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එලෙස කණ්ඩායම්වල රදවා නොගෙන සංචිතවලින් නිදහස් කෙරුණු ප්‍රධාන ක්‍රීඩකයින් 30 දෙනෙකු පිළිබදවයි මෙම සටහන ඔස්සේ අප ඔබේ අවධානය යොමු කරන්නේ.

සන්රයිසස් හයිදරාබාද් –

  • රෂීඩ් ඛාන්
  • ඩේවිඩ් වෝනර්
  • බුවනේෂ්වර් කුමාර්

චෙන්නායි සුපර් කිංග්ස් –

  • සුරේෂ් රයිනා
  • ෆෆ් ඩු ප්ලෙසිස්
  • ඩ්වේයන් බ්‍රාවෝ
  • අම්බටි රයිදු

දිල්ලි කැපිටල්ස් –

  • රවිචන්ද්‍රන් අශ්වින්
  • ශිකර් ධවාන්
  • කාගිසෝ රබාඩා
  • ෂ්රෙයස් අයියර්
  • මර්කස් ස්ටොයිනිස්

කොල්කටා නයිට් රයිඩර්ස් –

  • ෂුබ්මන් ගිල්
  • ඔයින් මෝර්ගන්
  • ශකිබ් අල් හසාන්
  • දිනේෂ් කාර්තික්

රාජස්ථාන් රෝයල්ස් –

  • බෙන් ස්ටොක්ස්
  • ජොෆ්ර ආචර්
  • ක්‍රිස් මොරිස්

පංජාබ් කිංග්ස් –

  • කේ.එල් රාහුල්
  • ක්‍රිස් ගේල්
  • මොහොමඩ් ෂාමි
  • නිකලස් පූරාන්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් –

  • යුස්වේන්ද්‍ර චහෙල්
  • හර්ෂාල් පටෙල්
  • වනිදු හසරංග
  • වොෂින්ටන් සුන්දර්

මුම්බායි ඉන්දියන්ස් –

  • ක්වෙන්ටන් ඩී කොක්
  • ඉෂාන් කිෂන්
  • හර්ඩික් පාන්ඩ්යා

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...