පිතිකරුවන් අන්ත අසරණ කරමින් වනිදුගෙන් වාර්තාගත පන්දු යැවීමක්

Date:

අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලිය යටතේ අද(1) පැවැති 27 වැනි තරගයේ දී සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත් වුණා.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයේ දී ඔහු ලකුණු 8කට බිද හෙලූ කඩුලු ගණන 5ක්.

ඔහුගේ දෙවැනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් වූ අතර, එම පන්දුවාරයේ දී වනිදු කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනුණා.

මෙම තරග වාරයේ දී නිලකුණු පන්දුවාරයක් වාර්තා වූ පළමු අවස්ථාව ද එයයි.

මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන වනිදු හසරංග මෙවර තරග වාරයේ දී කඩුලු 18ක් බිද හෙලා ඇති අතර, එය අබුඩාබි ටී 10 තරග වාරයකදී ක්‍රීඩකයෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ද වනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 140ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට පන්දුවාර 8.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78ක් පමණයි.

ඉසුරු උදාන පන්දු 11කින් ලකුණු 33ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...