ප්‍රබලයින් දෙදෙනෙකු නොමැතිව මුම්බායි කණ්ඩායම රදවා ගත් ක්‍රීඩකයින් සිව් දෙනා මෙන්න

Date:

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් රදවා ගත් ක්‍රීඩකයින් අද(30) නිවේදනය කෙරුණා.

ඒ අනුව නායක රෝහිට් ෂර්මා, ජස්ප්‍රිට් බුම්රා, කිරන් පොලාඩ් හා සූර්යකුමාර් යාදෙව් යන ක්‍රීඩකයින් සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි එම කණ්ඩායම තීරණය කර ඇත්තේ.

ෂර්මාට ඉන්දීය රුපියල් කෝටි 16ක වටිනාමක් ද, බුම්රාට ඉන්දීය රුපියල් කෝටි 12ක වටිනාමක් ද , පොලාඩ්ට ඉන්දීය රුපියල් කෝටි 6ක වටිනාමක් ද, සූර්යකුමාර් යාදෙව්ට ඉන්දීය රුපියල් කෝටි 8ක වටිනාකමක් ද හිමිව තිබෙනවා.

ඒ අනුව මුම්බායි කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වූ ඉෂාන් කිෂන් හා හර්ඩික් පාන්ඩ්යා ඉදිරි තරගාවලිය සදහා කණ්ඩායමේ රදවා නොගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමට මෙවර අවස්ථාව ලබා දුන්නා.

ඒ අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද රදවා ගැනීමේ හැකියාව කණ්ඩායම් වෙත හිමිවුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...