RCB කණ්ඩායම විසින් රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කෙරේ

Date:

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් රදවා ගත් ක්‍රීඩකයින් අද(30) නිවේදනය කෙරුණා.

ඒ අනුව හිටපු නායක විරාට් කෝලි, ග්ලේන් මැක්ස්වෙල් හා මොහොමඩ් සිරාජ් යන ක්‍රීඩකයින් සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි එම කණ්ඩායම තීරණය කර ඇත්තේ.

කෝලිට ඉන්දීය රුපියල් කෝටි 15ක වටිනාමක් ද, මැක්ස්වෙල්ට ඉන්දීය රුපියල් කෝටි 11ක වටිනාමක් ද , මොහොමඩ් සිරාජ්ට ඉන්දීය රුපියල් කෝටි 7ක වටිනාමක් ද හිමිව තිබෙනවා.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා නිමා වූ තරග වාරයේ දී ක්‍රීඩා කළ වනිදු හසරංග හා දුෂ්මන්ත චමී‍ර එම කණ්ඩායමෙන් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමට මෙවර අවස්ථාව ලබා දුන්නා.

ඒ අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද රදවා ගැනීමේ හැකියාව කණ්ඩායම් වෙත හිමිවුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...