වැන්ඩර්සේගේ සුපිරි පන්දු යැවීම හමුවේ එක්දින ශූරතාවය ටැමිල් යූනියන් කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ටැමිල් යූනියන් කණ්ඩායම අද(30) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී රාගම ක්‍රීඩා සමාජය ලකුණු 36කින් පරාජයට පත් කරමින්.

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාගම කණ්ඩායම පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ  අනුව පිටියට පිවිසි ටැමිල් යූනියන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 181ක් ලබා ගත්තා.

සන්තුෂ් ගුණතිලක ලකුණු 47ක්, සුපුන් කාවින්ද ලකුණු 42ක් හා නායක සධීර සමරවික්‍රම ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉෂාන් ජයරත්න, නිපුන් මාලිංග, කල්හාර සේනාරත්න හා ජනක සම්පත් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම කණ්ඩායමට පන්දුවාර 32.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 145ක් පමණයි.

සමින්ද ප්‍රනාන්දු ලකුණු 38ක් හා නායක ඉෂාන් ජයරත්න ලකුණු 26ක් වාර්තා කළා.

පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 27කට කඩුලු 5ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...