ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැති තවත් තරගයක් අද(30) නිමා වුණේ බංග්ලාදේශය හමුවේ පාකිස්තානයට කඩුලු 8ක ජයක් හිමි කර දෙමින්.

ඒ අනුව පාකිස්තානයට තවත් ප්‍රසාද ලකුණු 12ක් මෙම ජයග්‍රහනය හේතුවෙන් හිමි වුණා.

එම ප්‍රසාද ලකුණු 12ත් සමග මේ වන විට ලකුණු ප්‍රතිශතය අනුව ස්ථාන තෝරා ගනු ලබන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පාකිස්තානය සමත්ව තිබෙනවා.

ඊයේ දිනයේ දී ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ද නිමාවට පත් වූ අතර, එම තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

ඒ අනුව කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා ගැනීමට සමත් වුණා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ ලකුණු ප්‍රතිශතය 100%ක් ලෙස සටහන්ව තිබීම හේතුවෙන්.

ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...