බංග්ලාදේශය පරදා පාකිස්තානයට කඩුලු 8 ක ජයක්

Date:

බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(30) සමත් වුණා.

චැටග්‍රැම් හි (Chattogram) (චිතගොං) පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.(203/2)

පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ අබිඩ් අලී දෙවැනි ඉනිමේ දී ලකුණු 91ක් ලබා ගනිමින් පාකිස්තානයට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා.

අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 73ක් ද , අසාර් අලී නොදැවී ලකුණු 24ක් ද, බබාර් අසාම් නොදැවී ලකුණු 13ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් හා මෙහිදි හසාන් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 330ක් ලබා ගත්තා.

ලිටොන් දාස් ලකුණු 114ක් රැස් කළ අතර, මුෂ්ෆිකර් රහීම් ලකුණු 91ක් වාර්තා කළා. පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස පාකිස්තානය සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 286ක් පමණයි.

අබිඩ් අලී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 116ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

අනතුරුව බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 157කට සීමා වුණා. ශහීන් අෆ්රිඩි කඩුලු 5 ක් දවා ගත් අතර, සජිඩ් ඛාන් කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...