වර්ෂාවෙන් පසු දිමුත් – පැතුම් ශ්‍රී ලංකාවට ශක්තිමත් පදනමක් සකසයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ පළමු දිනයටම වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය ආරම්භ වුණේ පස්වරු 3ටයි.

පස්වරු 2.30ට කාසියේ වාසිය උරගා බැලීමේ දී පළමු තරගයේ දී මෙන්ම කාසියේ වාසිය ජය ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමටයි කිසිදු පැකිලීමකින් තොරව තීරණය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ දිමුත් හා පැතුම් නිස්සංක පළමු කඩුල්ලට යළිත් ශතක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

එම සබදතාවය ලකුණූ 106 දී බිද වැටුණේ දිමුත් ලකුණු 42කට දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වීමත් සමගයි.

පැතුම් නිස්සංක සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 61ක්. ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 2යි.

ඒ අනුව දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම දැක් වුණේ කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලෙසයි.

අද දිනයේ දී පන්දුවාර 45ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත්, අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් තරගය නියමිත වේලාවට පෙර අවසන් කෙරුණු බැවින් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 34.4ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...