රවීන්ද්‍ර ඉන්දියාව දුකට පත් කරයි ; පළමු තරගයෙන් නවසීලන්තයට සුපිරි ප්‍රතිපලයක්

Date:

ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (29) සමත් වුණා.

කන්පූර්හි පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 284ක ඉලක්කයක් නවසීලන්තයට හිමි වූ අතර, තරගයේ අවසන් දිනය වූ අද දිනය නිමා වන විට ඔවුන් කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 165ක්.

දිනය ආරම්භ කරන විට නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටියා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලේතම් ලකුණු 51යි.

රාත්‍රී රැකවලා ලෙස සිව්වන දිනයේ දී පිටියට පිවිසි විලියම් සමර්විල් ලකුණු 36කට දැවී ගිය අතර, කේන් විලියම්සන් ලකුණු 24ක් රැස් කළා.

නවසීලන්ත ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යාමෙන් පසු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සදහා රචින් රවීන්ද්‍ර හා අජාස් පටෙල් පන්දු 52කින් නොබිදුණු ලකුණු 10ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

රචින් රවීන්ද්‍ර පන්දු 91කට මුහුණ දී නොදැවී ලකුණු 18ක් ලබා ගත් අතර, අජාස් පටෙල් පන්දු 23කින් ලකුණු 2ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4ක් හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 345ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 296ක් ලබා ගත්තා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7ක් දැවී ලකුණු 234ක් ලබා සිටියදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...