නව ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වූ කලම්බු ස්ටාර්ස් පිල පුහුණු කාර්යය මණ්ඩලය නිවේදනය කරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ පුහුණු කාර්යය මණ්ඩලය අද(29) නිවේදනය කළා.

ඒ අනුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ රුවන් කල්පගේ මහතායි.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චම්පක රාමනායක මහතා පත් කළ බවයි එම කණ්ඩායම නිවේදනය කළේ.

පියල් විජේතුංග මහතා දග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මනෝජ් අබේවික්‍රම මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා

සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ට්‍රෙවින් මැතිව්ස් මහතායි.

කලම්බු කණ්ඩායමේ හිමිකාරීත්වය මේ වන විට සොෆ්ට්ලොජික් සමාගම (Softlogic Holdings) සතුව ඇති අතර, පසුගිය දින කිහිපයේ දී එම කණ්ඩායම විසින් නව ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සමගින් ගිවිසුම් ගත වුණා.

ඒ අතරට ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, අශාන් ප්‍රියන්ජන්, ශිරාන් ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් ඇතුළත්.

කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් කටයුතු කිරීමට නියමිතයි.

විදෙස් ක්‍රීඩකයින් වන පාකිස්තානයේ හැරිස් සොහයිල්, කොදෙව් දූපත්හි රවී රාම්පෝල් හා ශෙර්ෆේන් රදර්ෆ්ඩ්, ඇෆ්ඝනිස්තානයේ නවීන් උල් හක්, එංගලන්තයේ ටොම් බැන්ටන් යන ක්‍රීඩකයින් සමග ද කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පසුගිය දිනවලදී ගිවිසුම් ගත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...