බංග්ලාදේශය ලකුණු 83ක් ඉදිරියෙන්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(28) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 39ක්. සුපිරි පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 6කට කඩුලු 3ක් බිද හෙලුවා.

චැටග්‍රැම් හි (Chattogram) (චිතගොං) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 330ක් ලබා ගත්තා.

ලිටොන් දාස් ලකුණු 114ක් රැස් කළ අතර, මුෂ්ෆිකර් රහීම් ලකුණු 91ක් වාර්තා කළා. පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස පාකිස්තානය සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 286ක් පමණයි.

අබිඩ් අලී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 116ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 83ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...