පළමු තරගයේ දී අනතුරකට මුහුණදුන් සොලසානෝ ගැන අසුබ ආරංචියක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් නවක පිතිකරු ජෙරමි සොලසානෝට (Jeremy Solazano) ශ්‍රී ලංකාව සමග අද(29) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

ඔහු නිමා වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ෂෝර්ට් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටියදී අනතුරකට මුහුණ දුන්නේ දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් පසුව පන්දුව හිස් ආවරණයේ වැදීම හේතුවෙන්.

සොලසානෝගේ මංගල ටෙස්ට් තරගය වූයේ ද එම තරගයයි.

එම අනතුරින් ඔහුට බරපතල හානියක් සිදුව නොමැති බවට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වුවත්, පළමු තරගයෙන් ඉවත් වීමට ජෙරමි සොලසානෝට සිදු වුණා.

ඔහු වෙනුවට ෂායි හෝප් කණ්ඩායමට ආදේශ කිරීමයි පළමු තරගයේ දී කොදෙව් කණ්ඩායම පියවර ගත්තේ.

දෙවැනි තරගයට ජෙරමි සොලසානෝ ක්‍රීඩා නොකරන බැවින් එම තරගය සදහා ද ෂායි හෝප් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද පෙරවරු 10ට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...