පන්දුව මුහුණේ වැදී කොදෙව් කඩුලු රකින්නාට සිදු වූ අනතුර

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ තෙවන දිනය ඊයේ(26) නිමා වුණා.

දිනය නිමා වන විට තරගයේ වැඩි වාසි සතු කර ගැනීමට සමත් වූයේ එංගලන්ත කණ්ඩායමයි.

ඒ, තරගය ජය ගැනීම සදහා ලකුණු 399ක දැවැන්ත ඉලක්කයක් කොදෙව්වන්ට ලබා දීම හේතුවෙන්.

මෙම තරගයේ කොදෙව් පළමු ඉනිම ශක්තිමත් කිරීමට නායක ජේසන් හෝල්ඩර් සහ කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩව්රිච් සමත් වුණා.

කෙසේ වෙතත්, ෂේන් ඩව්රිච් එංගලන්ත දෙවන ඉනිමේ දී කඩුලු රකිමින් සිටියදී ඊයේ අනතුරකට මුහුණ දුන්නා.

ෂැනොන් ගේබ්‍රියල් පැයට කිලෝ මීටර් 146ක වේගයෙන් යොමු කළ පන්දුවක් පිතිකරුවා නිදැල්ලේ යැවූ අවස්ථාවක එය රැක ගැනීමට යාමේ දී යි ඔහු මෙම අනතුරට මුහුණ දුන්නේ.

එහිදී පන්දුව ඔහුගේ අත්ආවරණවලින් රැක ගැනීමට ශේන් ඩව්රිච්ට නොහැකි වූ අතර, පන්දුව කෙළින්ම ඔහුගේ මුහුණේ වැදීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරුව ඔහුගේ තොල්වලින් රැධිරය වහනය වන අයුරුද දක්නට ලැබුණා.

ඒ හේතුවෙන් ශේන් ඩව්රිච් පන්දු රැකීමෙන් ඉවත් වූ අතර, ඔහු වෙනුවට ෂායි හෝප් පළමුව කඩුලු රැකීමට පියවර ගත්තා.

පසුව අතිරේක ක්‍රීඩකයෙකු වූ Joshua Da Silva කඩුලු රැකීමටයි පියවර ගත්තේ.

කෙසේ වෙතත්, ෂේන් ඩවුරිච් දෙවන ඉනිමේ දී පිතිකරණයේ නිරත වීමට නියමිතව සිටින බව සදහන්.

අනතුර සිදු වූ අයුරු ඇතුළත් වීඩියා් දර්ශන දෙකක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...