දෙවැනි ටෙස්ට් තරගයේ වෙනස්කම් ගැන චන්දිමාල් පහදයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු වනු ඇති බව මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

මෙම තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර විවේක ගන්වා ඇති බවයි චන්දිමාල් අද(28) පැවැති මාධ්‍ය හමුවකදි සදහන් කළේ.

ඒ අනුව බොහෝ විට ඔහු වෙනුවට වේග පන්දු යවන්නෙකු හෝ පිතිකරුවෙකු කණ්ඩායමට කැදවනු ඇති බව චන්දිමාල් කියා සිටියා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය හෙට(29) ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත අතර, තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

දෙවැනි තරගයේ දී පළමු තරගයට ද වඩා දග පන්දු යවන්නන්ට වාසි සහගත තණතීරුවක් ලැබෙනු ඇති බවයි දිනේෂ් චන්දිමාල් පවසා සිටියේ.

මෙම තරගය මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...