නවසීලන්තය ජයග්‍රහනයට තවත් ලකුණු 280ක් පිටුපසින්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(28) නිමා වුණේ තරගය ජය ගැනීමේ වැඩි බලාපොරොත්තු ඉන්දියාව වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 284ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 4ක් ලබා සිටියා.

විල් යන්ග් ලකුණු දෙකකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය නමුත්, පුනරූපනවලින් දක්නට ලැබු‍ණේ එය සැබවින්ම දැවී යාමක් නොවන බවයි.

ඔහු විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (Review) ද යොදා ගැනීමට උත්සාහ කළ නමුත්, ඒ වන විට නියමිත තත්ත්පර 15ක කාලය අවසන්ව තිබූ බැවින් විනිසුරුවරුන් ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 345ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 296ක් ලබා ගත්තා.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7ක් දැවී ලකුණු 234ක් ලබා සිටියදීයි.

ඉනිමේ කඩුලු 5ක් ලකුණු 51කදී බිද වැටුණු නමුත්, පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ, සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ෂ්රෙයස් අයියර් දෙවැනි ඉනිමේ දී ලකුණු 65ක් ලබා ගනිමින් බිද වැටුණු ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

ව්රිධිමන් සහා නොදැවී ලකුණු 61ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ටිම් සවුති හා ක්යිල් ජමීසන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...