ශ්‍රී ලංකාවට ලෝක කුසලානය අහිමි වෙයි

Date:

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්‍ත ලෙස අද අහිමි වුණා.

ඒ, තරගාවලියට අදාලව සිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය එරට තුළ පවතින කොවිඩ් 19 රෝගයේ ව්‍යව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කිරීම හේතුවෙන්.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව අද දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග කිරීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම තරගය ද අවලංගු කෙරුණා.

තරගාවලිය අවලංගු කිරීම හේතුවෙන් ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා  ICC ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව පාකිස්තානය, බංග්ලාදේශය  හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...