නව කොවිඩ් ප්‍රභේදය නිසා දකුණු අප්‍රිකා – නෙදර්ලන්ත එක්දින තරගාවලිය අත්හිටුවයි

Date:

දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය අතර දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වූ තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් හදුනා ගත් නව කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්.

ඒ හේතුවෙන් මේ වන විට බ්‍රිතාන්‍ය, අමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය විසින් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන ගුවන් යානා ඇතුළු කර ගැනීමට සීමා පනවා ඇති අතර, තරගාවලිය අත්හිටුවීම සදහා එම තීරණය ද බලපා තිබෙනවා.

පසුගිය 26 වනදා දෙරට අතර පළමු එක්දින තරගය පැවැති නමුත්, එය අවසන් වුණේ වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි.

2023 වසර දක්වා ක්‍රියාත්මක වන ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය අවසන් වීමට පෙර දෙවැනි හා තෙවැනි එක්දින තරග පවත්වා අවසන් කිරීමට හැකි වනු ඇතැයි දකුණු අප්‍රිකා හා නෙදර්ලන්ත ක්‍රිකට් ආයතන මේ වන විට අපේක්ෂාවෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...