දිමුත්ගේ ශතකය හමුවේ ශ්‍රී ලංකාව පළමු තරගයේ පෙරමුණ ගනියි

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න වාර්තා කළ 13 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ සියලු ගෞරව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(21) සමත් වුණා.

දිනය නිමා වන විට ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිමුත් ලකුණු 132ක් හා ධනංජය ද සිල්වා ලකුණු 56ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු 265කින් වාර්තා වී ඇති දිමුත්ගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත්. ධනංජය අද වාර්තා කළේ සිය 9 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා මේ වන විට ලකුණු 97ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගී තිබෙනවා.

දිමුත් සමගින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංකයි.

පැතුම් සිය 2 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 56කට දැවී ගියේ ෂැනොන් ගේබ්‍රියල්ගේ පන්දුවක් හමුවේයි.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 139ක්.

අනතුරුව ඕෂද ප්‍රනාන්දු ලකුණු 3කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 3කටත් දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වුණා.

ALSO READ : අනතුරට මුහුණ දුන් සොලොසානෝගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවේදනයක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...