ඇන්ජෙලෝගේ උත්සාහය අපතේ යයි ; දසුන්ගේ බ්‍රේව්ස් කණ්ඩායම පළමු තරගය පරදියි

Date:

අබුඩාබි T10 තරගාවලියේ තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක නායකත්වය දරන ‘ද චෙන්නායි බ්‍රේව්ස්’ කණ්ඩායම පරදා ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(20) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බ්‍රේව්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 146ක් රැස් කළා.

ටොම් මුවර්ස් පන්දු 17කින් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේ හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් සමගින්.

ඇන්ඩ්‍රි රසල් පන්දු 17කින් නොදැවී ලකුණු 43යි. හයේ පහර 4ක් හතරේ පහර 3ක් එම ඉනිමට ඇතුළත්.

පන්දු යැවිමේ දී මුනාෆ් පටෙල්, ධනංජය ලක්ෂාන් හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රේව්ස් කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 4කටත්, භානුක රාජපක්ෂ ලකුණු නොලබාත් දැවී ගියා.

අනතුරුව ඇන්ජෙලෝ පෙරේරා හා රවී බොපාරා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 109ක සබදතාවයක් ගොඩ නැගුණා.

පෙරේරා පන්දු 29කින් ලකුණු 60ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්.

බොපාරා පන්දු 26කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51ක්. ඔහුගේ ඉනිම ද හයේ පහර 2කින් හා හතරේ පහර 7කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී වහබ් රියාස් හා ඔඩියන් ස්මිත් කඩුලු 2 බැගින් දවා ගත්තා.

වනිදු හසරංග එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කළ අතර, එම පන්දුවාරයේ දී ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු ප්‍රමාණය 13ක්.

(භානුක රාජපක්ෂ රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...