කොදෙව්වන් ශ්‍රී ලංකාවේ දී පළමු ජය සොයා තරග බිමට ; මඩුගල්ලගෙන් ලෝක වාර්තාවක්

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගාවලිය ඉරිදා(21) ආරම්භ වනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු තරගය ගාල්ලේ දී ආරම්භ වීමත් සමගයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත් අතර, එම තරග දෙකම දග පන්දු යවන්නන්ට වඩාත් වාසි දායක ගාල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට කොදෙව්වන් මුහුණ දෙන්නේ මෙරට දී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් ජය ලැබීමේ ද අපේක්ෂාවෙන්.

ඔවුන් මේ දක්වා ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරග 11කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 4ක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට කොදෙව්වන් සමත්ව තිබුණා.

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගාවලියයි.

එමෙන්ම පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හා වේග පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස්ගේ ධූරයන් සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිතතාවයක්.

මේ අතර, මෙම තරගාවලියේ දී අත්දැකීම් බහුල ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් යළි ජාත්‍යන්තර පිටියට පිවිසීම ද විශේෂත්වයක්.

පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් අද(20) පැවැති මාධ්‍ය හමුවකදී තහවුරු කිරීමක් සිදු කළ අතර, ඒ අනුව ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් යන ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනාම මෙම තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

කඩුලු රකින පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් ද, දිමුත් කරුණාරත්නගේ අනෙක් ආරම්භක පිතිකරුවා ලෙස පැතුම් නිස්සංක ද කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වුවත්, කොදෙව්වන් මීට පෙර පාකිස්තානයට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කළා.

ඉන් එක් තරගයක් ඔවුන් ජය ගත් අතර, අනෙක් තරගය පරාජයට පත් වුණා.

මේ අතර, ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ල මහතා නව වාර්තාවක් පිහිටුවනවා.

ඒ, ටෙස්ට් තරග 200ක් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ පළමු තරග තීරකවරයා ලෙස ඉතිහාසගත වෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...